දලයි ලාමාතුමාගේ 90 වන උපන්දිනය අදයි

දලයි ලාමාතුමාගේ 90 වන උපන්දිනය අදයි

දලයි ලාමා ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යන බව තහවුරු කරන්නේ යැයි දලයි ලමා තුමා අද තහවුරු කළා.

දලයි ලාමාතුමාගේ 90 වන උපන්දිනය අදට (06) යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් ඉන්දියාවේ ධර්ම්ශාලාවේ චාරිත්‍රානු කූල උත්සව පැවැත් වුණා.

දහස් ගණනක් ජනයා ධර්ම්ශාලා වෙත විශාල පිරිසක් උන්වහන්සේට සුබ පැතීමට එක්වූ බවත් වාර්තා වුණා.

මේ අතර දලයි ලමා තුමාගේ නිල වෙබ් පිටුවේ උන්වහන්සේ ගේ පනිවිඩයක් නිකුත් කර තිබුණේ මේ ආකාරයෙන්.

” 2011 සැප්තැම්බර් 24 වන දින,, ටිබෙට් අධ්‍යාත්මික සම්ප්‍රදායන්හි ප්‍රධානීන්ගේ රැස්වීමකදී, දලයි ලාමා ආයතනය අඛණ්ඩව පැවතිය යුතුද යන්න සම්බන්ධයෙන් ටිබෙටය තුළ සහ ඉන් පිටත සිටින ටිබෙට් ජාතිකයින්ට, ටිබෙට් බුදුදහම අනුගමනය කරන්නන්ට සහ ටිබෙටය හා ටිබෙට් ජාතිකයින් සමඟ සම්බන්ධයක් ඇති අයට මම ප්‍රකාශයක් කළෙමි. එහිදී මා ප්‍රකාශ කළේ, “1969 තරම් ඈත අතීතයේ සිටම, දලයි ලාමාගේ පුනරුත්පත්ති අනාගතයේදී අඛණ්ඩව පැවතිය යුතුද යන්න පිළිබඳව අදාළ පුද්ගලයින් තීරණය කළ යුතු බව මම පැහැදිලිව සඳහන් කළෙමි.”

මම තවදුරටත් කියා සිටියේ, “මට වයස අවුරුදු අනූවක් පමණ වන විට, දලයි ලාමා ආයතනය අඛණ්ඩව පැවතිය යුතුද නැද්ද යන්න නැවත තක්සේරු කිරීම සඳහා ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායන්හි උසස් ලාමාවරුන්, ටිබෙට් මහජනතාව සහ ටිබෙට් බුදුදහම අනුගමනය කරන අනෙකුත් අදාළ පුද්ගලයින් සමඟ සාකච්ඡා කරමි.” යනුවෙන්.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මා කිසිදු ප්‍රසිද්ධ සාකච්ඡාවක් නොකළද, පසුගිය වසර 14 පුරා ටිබෙටයේ අධ්‍යාත්මික සම්ප්‍රදායන්හි නායකයින්, පිටුවහල් කළ ටිබෙට් පාර්ලිමේන්තුවේ සාමාජිකයින්, විශේෂ මහ සභා රැස්වීමකට සහභාගී වූවන්, මධ්‍යම ටිබෙට් පරිපාලනයේ සාමාජිකයින්, රාජ්‍ය නොවන සංවිධාන, හිමාලයානු කලාපයේ බෞද්ධයින්, මොංගෝලියාව, රුසියානු සමූහාණ්ඩුවේ බෞද්ධ ජනරජයන් සහ චීන ප්‍රධාන භූමිය ඇතුළු ආසියාවේ බෞද්ධයින්, දලයි ලාමා ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉල්ලා හේතු දක්වමින් මට ලිපි ලියා ඇත.
විශේෂයෙන්ම, ටිබෙටයේ සිටින ටිබෙට් ජාතිකයින්ගෙන් ද එවැනිම ඉල්ලීම් විවිධ මාර්ග ඔස්සේ මට ලැබී ඇත. මෙම සියලු ඉල්ලීම් වලට අනුකූලව, දලයි ලාමා ආයතනය අඛණ්ඩව පවතින බව මම තහවුරු කරමි.” යනුවෙන් දක්වා තිබුණා.

අනාගත දලයි ලාමා කෙනෙකු හඳුනාගැනීමේ ක්‍රියාවලිය 2011 සැප්තැම්බර් 24 වන දින ප්‍රකාශයේ පැහැදිලිව ස්ථාපිත කර ඇති අතර, ඒ සඳහා ඇති වගකීම ගාඩන් පෝඩ්‍රැන්ග් භාරයේ (Gaden Phodrang Trust), එනම් උන්වහන්සේගේ ශුද්ධෝත්තම දලයි ලාමා කාර්යාලයේ සාමාජිකයින්ට පමණක් පවරනු ලැබ තිබෙනවා.

ඔවුන් ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායන්හි විවිධ ප්‍රධානීන් සහ දලයි ලාමාවරුන්ගේ පෙළපතට වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ වී ඇති විශ්වාසදායක ප්‍රතිඥා- බැඳි ධර්ම ආරක්ෂකයින් සමඟ සාකච්ඡා කළ යුතුයි.

ඒ අනුව, ඔවුන් අතීත සම්ප්‍රදායට අනුකූලව සෙවීම් සහ හඳුනාගැනීමේ ක්‍රියා පටිපාටි සිදු කළ යුතු වනවා.

අනාගත පුනරුත්පත්තිය හඳුනාගැනීමට ඇති එකම අධිකාරිය ඇත්තේ ගාඩන් පෝඩ්‍රැන්ග් භාරයට පමණක් බවත්, මෙම කාරණයට මැදිහත් වීමට වෙනත් කිසිවෙකුට එවැනි අධිකාරියක් නොමැති බවත් දල‍යි ලමා තුමන් අවධාරණය කරනවා.

මේ අතර ඉන්යදීය මාධ්‍ය වාර්තා කළේ අද දලයි ලාමා තුමාගේ ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථානයක් බවයි.

අධික මෝසම් වර්ෂාව සහ ඝන මීදුමෙන් නොසැලී, අලංකාර ඇඳුම් වලින් සැරසුණු ජනකායක් අලුයම සිට පටු වීදි පිරී ඉතිරී ගොස් තිබූ බව සදහන්.

ත්සුක්ලඛාං ටිබෙට් බෞද්ධ සංකීර්ණයේ දලයි ලාමාතුමා දැක බලාගැනීමට බලාපොරොත්තුවෙන් විශාල පිරිසක් පෝලිම් ගැසී සිටි බවට වාර්තා පළ වුණා.

උත්සව ආරම්භ වීමට පෙර බෞද්ධ අනුගාමිකයින් ගෙන ඉතිරී ගිය විහාරස්ථාන භූමියට ඉන්දියානු පොලිසිය දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බව ද වාර්තා වුණා.

ඉන්දීය රජයේ අමාත්‍යවරු උත්සවයේදී කතා කළ අතර, දලයි ලාමාතුමාගේ දිගුකාලීන ආධාරකරුවෙකු වන හොලිවුඩ් නළු රිචඩ් ග්‍රේ ද කතා අදහස් පළකර තිබෙනවා.

දලයි ලාමා තුමන්ට උපන්දින කේක් කැබැල්ලක් පිළිගැන්වූ අතර, ඊට අමතරව නැවුම් පලතුරු සහ සුදු ලිලී මලක් පිළිගන්වා තිබුණා.

ගායන ප්‍රසංග වලින් විහාර මළුව පිරී ගොස් පැවති බවත් වාර්තා වුණා.

 

Share This