දහම් පාසල් ගුරුවරුන්ට 7500 ක්

දහම් පාසල් ගුරුවරුන්ට 7500 ක්

දහම් පාසල් ගුරුවරුන් සඳහා ගුරු හා නිල ඇඳුම් දීමනාව ද ඇතුළත්ව රුපියල් 7500ක දීමනාවක් ලබා දීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

එය 2026 වර්ෂයේදී බෞද්ධ , හින්දු , ඉස්ලාම් , ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම් පාසල්වල ගුරුභවතුන් සඳහා හිමි වනු ඇති .

තවද මෙම දීමනාව හිමිවන්නේ වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන් සඳහායි.

ඒ අනුව දහම් පාසල් ගුරුභවතුන් සඳහා ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත්ව එක් දීමනාවක් ලෙස රුපියල් 7500ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

Share This