දැන්ම ලෙබනනය හැර යන්න – ස්ටාමර් බ්‍රිතාන්‍ය ජාතිකයින්ට කියයි

දැන්ම ලෙබනනය හැර යන්න – ස්ටාමර් බ්‍රිතාන්‍ය ජාතිකයින්ට කියයි

ලෙබනනයේ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයින්ට එරටින් වහාම පිටව යන ලෙස අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් පවසා තිබෙනවා.

එක්සත් රාජධානියේ පුරවැසියන් 10,000 ක් දැනට ලෙබනනයේ සිටින බව සඳහන්.

එක්සත් ජනපද පුරවැසියන්ට ද රට හැර යන ලෙස දන්වා ඇති අතර ලෙබනනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසුවේ බොහෝ ගුවන් ගමන් විකිණී අවසන් වීමත් සමඟ බොහෝ ගුවන් සමාගම් ගුවන් ගමන් අත්හිටුවා හෝ අවලංගු කර ඇති අතර පවතින ඕනෑම ප්‍රවේශ පත්‍රයක් වෙන්කරවා ගන්නා ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

ජාතික ගුවන් සේවය වන මැද පෙරදිග එයාර්ලයින්ස් හැර ලෙබනනයේ ක්‍රියාත්මක වන සෑම ගුවන් සමාගමක්ම පාහේ ගුවන් ගමන් නවතා තිබෙනවා.

ඒ, ඊශ්‍රායලය සහ ඉරානයේ පිටුබලය ලබන සන්නද්ධ කණ්ඩායම වන හිස්බුල්ලා සංවිධානය රට තුළ ආධිපත්‍යය දරමින් සටන් තවදුරටත් උත්සන්න වීම හමුවේයි.

අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් පැවසුවේ ලෙබනනය සම්පූර්ණ යුද්ධයක අද්දර සිටින නිසා මෙම අනතුරු ඇඟවීම සිදුකරන බවයි.

ලෙබනනයේ සිට බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉවත් කිරීමට සූදානම් වීම සඳහා බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ලෙබනනයට ආසන්න සයිප්‍රසයට භටයන් 700 ක් යැවීමට කටයුතු කරන බවත් සඳහන් කර තිබෙනවා.

ලෙබනනයට කරන සියලුම සංචාර අවලංගු කරන ලෙසයි බ්‍රිතාන්‍යය තම පුරවැසියන්ට උපදෙස් දී ඇත්තේ.

මේ සතියේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 560කට වැඩි පිරිසක් මිය අතර රටේ තත්ත්වය විනාශකාරී ප්‍රතිවිපාක සහිතව වේගයෙන් පිරිහෙමින් පවතින බවට බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර තිබෙනවා.

Share This