දික්ඔය මුලික රෝහලේ 20කට කොවිඩ්
හැටන් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් හතර දෙනකු ඇතුළු 20 දෙනකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙක් දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා
ඒ අනුව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් 04ක් , හෙදියන් 07ක්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 09ක් මෙසේ වෛරසයට ගොදුරු වී ඇති අතර ඔවුන්ගේ ළගම ආශ්‍රිතයන් විශාල පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත් එම පුවත්පත වාර්තා කර තිබුණා.
පවත්නා තත්ත්වය හමුවේ රෝහලේ දෛනික කටයුතු වලටද බාධා පැමිණ ඇති බවයි එම වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා