දිගු කාලීනව Covid වෛරසය වැළඳුණු අයගේ අවයවවල සංකූලතා – නව පරීක්ෂණයකින් හෙළිවේ

දිගු කාලීනව Covid වෛරසය වැළඳුණු අයගේ අවයවවල සංකූලතා – නව පරීක්ෂණයකින් හෙළිවේ

සෞඛ්‍ය විශේෂඥයින්ගේ අධ්‍යයනයකට අනුව, රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දිගු කාලයක් කොවිඩ් සමග ජීවත් වූ පුද්ගලයින්ගේ ප්‍රධාන අවයවවල යම් හානියක් පෙන්නුම් කිරීමට වැඩි ඉඩක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

MRI ස්කෑන් පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ පෙනහළු, මොළය සහ වකුගඩු වැනි අවයවවල යම් අසාමාන්‍යතා ඇති වීමට වැඩි අවස්ථාවක් ඇති බවයි.

කොවිඩ් වෛරසය වැළඳී අසාද්‍ය වූ ආකාරය අනුව අවයවවල සංකූලතා ඇති වීමේ සම්බන්ධයක් ඇති බවට පර්යේෂකයන් පෙන්වා දෙනවා.

දිගු කාලීනව පවතින Covid සඳහා වඩාත් ඵලදායී ප්‍රතිකාර ක්‍රම දියුණු කිරීමට බ්‍රිතාන්‍යයෙන් සිදුකර ඇති මෙම අධ්‍යයනය උපකාරී වනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ.

Lancet Respiratory Medicine සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන් වෛරසය වැළඳී රෝහල් ගත කළ රෝගීන් 259 දෙනෙකු පිළිබඳව නිරීක්ෂණය කර තිබෙනවා.

එම රෝගින සුව අතට හැරී රෝහලෙන් පිටත් කර මාස පහකට පසු, ඔවුන්ගේ ප්‍රධාන අවයවවල MRI ස්කෑන් පරීක්‍ෂණයක් කර තිබෙනවා.

ඒ අනුව කිසිදා කොවිඩ් නොතිබූ පුද්ගලයන් 52කින් යුත් කණ්ඩායමක් හා සසඳන විට දීර්ඝ කාලීනව කොවිඩ් වැළඳුනු පුද්ගලයන් තුළ සැලකිය යුතු වෙනස්කම් පෙන්නුම් කර තිබෙනවා.

විශාලතම බලපෑම පෙනහළුවල දක්නට ලැබී ඇති අතර , එහිදී ස්කෑන් පරීක්ෂණවලදී පෙන්නුම් කරන්නේ අසාමාන්‍යතා 14 ගුණයකින් වැඩිවී ඇති බවයි

MRI ස්කෑන් පරීක්ෂණ මගින් මොළයේ අසාමාන්‍යතා තුන් ගුණයකින් වැඩිවී ඇති බව පෙන්නුම් කරනවා.

එමෙන්ම කොවිඩ් වෛරසය මාරාන්තික මට්ටමට වැළඳුනු පුද්ගලයන්ගේ වකුගඩුවල අසාමාන්‍යතා දෙගුණයකින් පෙන්නුම් කරන බවද සඳහන්.

ඒ අනුව Oxford විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු හා මෙම අධ්‍යයනයේ ප්‍රධාන විමර්ශකයෙකු වන Dr Betty Raman පවසන්නේ දිගු කාලීනව කොවිඩ් සමඟ ජීවත් වන අයගේ අවයවවලට යම් හානියක් අත්විඳීමට ඇති ඉඩකඩ වැඩි බව මෙම අධ්‍යයනයෙන් පැහැදිලි වී ඇති බවයි.

Share This