දින පහක් තුළ බූස්ටර් එන්නත ගත් පිරිස හාර ලක්ෂය ඉක්මවයි

දින පහක් තුළ බූස්ටර් එන්නත ගත් පිරිස හාර ලක්ෂය ඉක්මවයි

කොවිඩ් මර්දනය සඳහා පසුගිය දින පහ තුළදී  මෙරට පුද්ගලයන් 408,898ක් බූස්ටර් එන්නත ලබාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

සමස්තයක් ලෙස මේ වන විට බූස්ටර් එන්නත් මාත්‍රා 5,724,507 ක් ලබාගෙන ඇති බවත් කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රා 16,783,298ක් ද, දෙවැනි මාත්‍රා 14,010,772ක් ද ලබාගෙන තිබෙන බවත් එම අංශය සඳහන් කරනවා.

සමස්තයක් ලෙස මේ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයන් 617,189 ක් වාර්තා වී ඇති අතර බූස්ටර් එන්නත මෙතෙක් ලබා නොගත් පුද්ගලයන්ට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ ප්‍රධාන රෝහලකින් ලබා ගැනීමට හැකි බව ද සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙනවා

Share This