දිය බල්ලෙකුගේ ප්‍රහාරයෙන් කාන්තාවන් තිදෙනෙකුට තුවාල

දිය බල්ලෙකුගේ ප්‍රහාරයෙන් කාන්තාවන් තිදෙනෙකුට තුවාල

දිය බල්ලෙකුගේ දුර්ලභ ප්‍රහාරයකට ලක්වීමෙන් පසු කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා එක අයෙක් බරපතල තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකාවේ ජෙෆර්සන් ගඟේ ඔරු පදිමින් සිටියදීයි මෙම කාන්තාවන් තිදෙනාට තියුණු දත් සහිත දියබල්ලා පහරදී ඇත්තේ.

දිය බල්ලාගේ ප්‍රහාරයෙන් කාන්තාවන් තිදෙනාම තුවාල ලබා Bozemanහි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් එක් අයෙකුගේ තුවාල වඩාත් බරපතල වූ අතර ඇයව හෙලිකොප්ටරයකින් රෝහලක් වෙත ගෙනගිය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දිය බල්ලාගේ ප්‍රහාර ඉතා දුර්ලභ වන අතර, ඔවුන්ගේ පැටවුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම අයෙකුට පහර දෙන බවයි එරට සත්ත්ව විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

Share This