දිවයින ආවරණය වන පරිදි හෙට සිට විශේෂ රථවාහන ‌මෙහෙයුමක්

දිවයින ආවරණය වන පරිදි හෙට සිට විශේෂ රථවාහන ‌මෙහෙයුමක්

දිවයින ආවරණය වන පරිදි හෙට (23) සිට මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය පවසනවා

ඒ අනුව හෙට දින සිට උත්සව සමය අවසන් වන තුරු මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි

පසුගිය දින කිහිපයේ මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදු වූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් අනතුරු සිදුවීම අවම කර ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම රථවාහන මෙහෙයුම සිදු කිරීමටයි නියමිතව ඇත්තේ

මෙහිදී මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීම සිදුකෙරෙන අතර, එම බස් රථවල රියදුරන්, මත්පැන් පානය කර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය සිදු කරන්නේද යන්න විශේෂයෙන් සොයා බැලීම සිදුකරනු ලබනවා

කෙසේ වෙතත් අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධයෙන් 119 හා 1997 යන කෙටි දුරකථන අංකවලට තොරතුරු ලබා දීමට මහජනතාවට හැකියාව පවතිනවා

 

 

 

 

Share This