
දිවයින පුරා වන සත්ත්ව සංගණනය අද
දිවයින පුරා වන සත්ත්ව සංගණනය අද (15) පෙරවරු 8.00 සිට 8.05 දක්වා කාලය තුළ සිදු කෙරෙනවා
ඒ අනුව සත්ත්ව සංගණනයට අදාළ පත්‍රිකා බෙදා හැරීමටයි කටයුතු කර තිබුණේ
වගාවට හානි සිදු කරන වනසතුන් ප්‍රමාණය සළකුණු කිරීම සඳහා ලබා දෙන පත්‍රිකාව තමන් වෙත ලැබී නොමැති නම්, ඒ පිළිබඳව කලබල නොවී අදාළ කාලය තුළ පැමිණෙන සතුන් පිළිබඳව යම් සටහනක් තබා ගන්නා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරනවා
එමෙන්ම ප්‍රජා සහභාගීත්වයෙන් සිදු කරනු ලබන මෙම සංගණනයට අදාළ කාලය තුළ සහයෝගය පළ කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ