දිවයින පුරා ළමා සුරැකුම් මධ්‍යස්ථාන 379ට මෙවර අයවැයෙන් මිලියන 500 ක්

දිවයින පුරා ළමා සුරැකුම් මධ්‍යස්ථාන 379ට මෙවර අයවැයෙන් මිලියන 500 ක්

ශ්‍රී ලංකාව පුරා ඇති ළමා සුරැකුම් මධ්‍යස්ථාන 379ට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500 ක් වෙන් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා

ඇය මේ බව කියා සිටියේ කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි

දිවයින පුරාම ළමා සුරැකුම් මධ්‍යස්ථාන 379ක් පවත්නා බවත්, ඉන් 47ක් රජයට අයත් බවත් මෙහිදී  පැවසුවා

අනෙකුත් සියලු ළමා සුරැකුම් මධ්‍යස්ථාන රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශවල ආධාර මත පවත්වාගෙන යන ඒවා බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නා

මෙහිදී රැස්වීමට සහභාගී වූ නිලධාරීන් පවසා සිටියේ ළමා නිවාස සඳහා දේශීය විදේශීය ආධාර, දෙපාර්තමේන්තුව හරහා විවිධ මාර්ග ඔස්සේ ලැබෙන මුදල් ආධාර සලකා බැලීමේදී එක් දරුවෙකු සඳහා ආසන්න වශයෙන් රුපියල් 30,000ක පමණ මුදලක් වෙන් වන බවයි.

කෙසේ වෙතත් මෙම මුදල එම දරුවන් හට නිසි අයුරින් ලැබෙනවාද යන්න පිළිබඳව විගණනයක් කිරීමට විධිමත් ක්‍රමවේදයක් නොමැති බව ඔවුහු වැඩි දුරටත් පැවසුවා

පරිවාස නිලධාරින්ගේ වැටලීම් ඔස්සේ ඇතැම් ළමා සුරැකුම් මධ්‍යස්ථාන මේ වන විට වසා දමා ඇති බවත්, මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථාන තුළ දරුවන්ට විවිධ අකටයුතුකම් සිදුවන බවටත් මන්ත්‍රීවරුන් විසින් මෙහිදී කරුණු ඉදිරිපත් කළා

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය පවසා සිටියේ ළමා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සැකසීමට වැඩපිළිවෙලක් සකස් කරන බවයි.

Share This