දිවා කාලයේ කෙටි නින්ද මිනිස් මොළයට හිතකරයි -නව අනාවරණයක්-

දිවා කාලයේ කෙටි නින්ද මිනිස් මොළයට හිතකරයි -නව අනාවරණයක්-

දිවා කාලයේ දී කෙටි නින්දක් ලබා ගැනීම මිනිස් මොළය නිරෝගීව තබා ගැනීමට හිතකර වන බව පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කර තිබෙනවා.

ලන්ඩන් University College හි පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මේ බව අනාවරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ පර්යේෂණය සඳහා අවුරුදු 40 සිට 69 දක්වා වයස්වල පසුවන පුද්ගලයින් 35,080 දෙනෙකුගේ දත්ත විශ්ලේෂණයට ලක් කර තිබෙනවා.

ඒ අනුව දිවා කාලයේ දී ලබන නින්ද, ඩිමෙන්ශියාව සහ වෙනත් රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානම අවම කරන බවයි එම පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ.

දිවා කාලයේ දී කෙටි නින්දක් ලබන පුද්ගලයින් සහ නින්දක් නොලබන පුද්ගලයින් අතර වෙනස්කම් පවතින බවට ද අදාළ පර්යේෂණයේ දී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව දිවා කාලයේ දී ලබන කෙටි නින්ද පුද්ගලයින් වයසට යාමේ දී ඔවුන්ගේ මොළයේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට උපකාරී වන බවයි එම පර්යේෂකයින් පෙන්වාදෙන්නේ.

Share This