දීප ව්‍යාප්ත වන අලි සංගණනය ඇරඹේ

දීප ව්‍යාප්ත වන අලි සංගණනය ඇරඹේ

දීප ව්‍යාප්ත වන අලි සංගණනය අද (17) ආරම්භ කෙරුණා

ඒ අනුව මෙරට වන අලි සංරක්ෂණය කිරිමට අදාළව කළමනාකරණ කටයුතු සිදුකිරිම මූලික කරගනිමින් මෙම සංගණනය පැවැත්වෙන අතර මෙරට අවසන්වරට වන අලි සංගණනයක් සිදුකර ඇත්තේ 2011 වසරේ දී යි.

එහි ප්‍රතිඵල අනුව මෙරට වනාන්තරවල වන අලින් 5879 දෙනෙකු ජීවත් වන බව සඳහන්

දීප ව්‍යාප්ත සංගණනයට අදාළව අනුරාධපුර වනජීවී කලාපය තුළ සිදුකෙරන සංගණනය සදහා නිලධාරින් 1310 ක් යොදාගන්නා බව අනුරාධපුර කලාප භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කළා

ඒ අනුව අනුරාධපුර කලාපය තුළ ස්ථාන 623 ක නිලධාරින් රඳවමින් සංගණනය සිදුකිරිමට සැලසුම් කර ඇති අතර සංගණනයේ පහසුව සදහා අනුරාධපුර වනජීවී කලාපය කලාප පහකට බෙදා තිබෙනවා

විල්පත්තුව , රිටිගල, හොරොව්පතාන , මැදවච්චිය හා අනුරාධපුර යන ප්‍රදේශ එම කලාපවලට අයත් වනවා

වනාන්තරවල සහ ගම්මාන ආශ්‍රීත අලින් ගැවසෙන වැව් ආශ්‍රිතව නිලධාරීන් ස්ථානගත කරමින් මෙම සංගණනය සිදුකිරිමට සැලසුම් කර ඇති බව සඳහන්

ඒ අනුව අඛණ්ඩව දිවෙන කාල රාමු පහක් යටතේ අද (17) සවස 1.00 සිට එළඹෙන 19 වනදා සවස 1.00 දක්වා සංගණනය දියත් කෙරෙනවා

විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන මෙම සංගණනය සම්බන්ධයෙන් නිරික්ෂණය කිරිම සදහා නිලධාරීන් යොදවා සිටිම ද විශේෂත්වයක්

Share This