දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි
මෙම වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට (13) යෙදී තිබෙනවා
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීම මෙන්ම තුන් බෑ ජටිලයන් දමනය කිරීම දුරුතු පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.
එමෙන්ම සමන් දෙවියන් සෝවාන් වීම, කේශ ධාතු මිටක් ලබාදීම, බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වන වේළුවනාරාමය බුදුන්ට පූජා කිරීමද අද වැනි දිනකයි සිදුව තිබෙන්නේ.
දුරුතු පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙනවා.
මෙවර ස්වර්ණවාහිනී අමා දහර පෝදා වැඩසටහන ගැටබරුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අද දවස පුරා පැවැත්වෙනවා.