
දෙමටගොඩ රුවන්ගේ ජීවිතය ගැලවූ ගිනි අවිය!
දෙමටගොඩ රුවන් නමැත්තා ඝාතනය කිරීමේ අරමුණින් ඊයේ අළුයම බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලවක් වෙත පැමිණි වෙඩික්කරුවකුගේ ගිනි අවිය එහි ආරක්ෂක නිලධරීන් බාරයට ගෙන තිබෙනවා.
එම නිලධාරීන් පසුව කටයුතු කර ඇත්තේ අදාල ටී 56 ගිනි අවිය බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත බාර දීමටයි.
මෙය කොටස් එකලස් කර සකස් කළ ගිනි අවියක් බව එම කොට්ඨායේ නිලධාරීන් පැවසුවා.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පැවසුවේ මෙම ගිනි අවිය වෙනත් ඝාතන සදහා යොදාගෙන ඇත් දැයි විමර්ෂණ සිදුකරන බවයි.
ටී 56 වර්ගයේ ගිනි අවියක පතුරන් ගැබෙහි ජීව උන්ඩ 30 ක් තිබිය යුතු වුව්ව ද අදාල ගිනි අවියෙහි තිබී ඇත්තේ ජීව උන්ඩ 25 ක් පමණයි.