
දෙවැනි T20 තරගය ලකුණු 83 කින් ශ්රී ලංකාව පරදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර දඹුල්ලේ පැවති දෙවන T20 තරගයෙන් විශිෂ්ට ලකුණු 83 ක ජයක් හිමිකර ගන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කියමිත පන්දුවාර 20 තුල කඩුළු 7 ක් දැවී ලකුණු 177 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ඇරඹූ ශ්රී ලංකා කණ්ඩායම පන්දු වාර 15.2 ක් තුල සියලු දෙනා ලකුණු 94 කට දැවී ගියා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතු නිශ්ශංක ලකුණු 32 ක් රැස්කළා.
පන්දු යැවීමේදී රිෂාඩ් හුසේන් කඩුළු 3 ක් දවාගත්තේ ලකුණු 18 කටයි.