දෙවිනුවර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් අල්ලයි

දෙවිනුවර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් අල්ලයි

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගන්දර පොලිස් වසමේදී එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයට ඔවුන් විසින්ම ගිනි තබා අනර්ථය සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ගන්දර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.

සැකකරු දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

Share This