දෙවුන්දර අතුරුදන් ධීවරයින් දෙදෙනකු ගේ මළ සිරුරු සහ එක් ධීවරයෙක් නිරුපද්‍රිතව මුදා ගැනේ

දෙවුන්දර අතුරුදන් ධීවරයින් දෙදෙනකු ගේ මළ සිරුරු සහ එක් ධීවරයෙක් නිරුපද්‍රිතව මුදා ගැනේ

ධීවර කාර්මිකයින් පස්දෙනෙකු සිටි මාතර, දෙවුන්දර මුහුදේදී අනතුරට පත් යාත්‍රාවේ අතුරුදන් වූ ධීවරයින් අතුරින් දෙදෙනකුගේ මළ සිරුරු හමු වී තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ එම යාත්‍රාවේ තවත් ධීවරයකු නිරුපද්‍රිතව බේරා ගත් බවයි .

මේ වනවිට තවත් ධීවරයකු අතුරුදන්ව සිටින බව නාවික හමුදාව පැවසුවා.

යාත්‍රාවේ උඩ කොටසේ රැඳී සිටි එක් ධීවරයෙකු අද උදෑසන මුදා ගැනීමට නාවික හමුදාව කටයුතු කළා.

මෙම අනතුර සිදුව ඇත්තේ ගොඩබිම සිට සැතපුම් 20ක් පමණ ඈත වෙළෙඳ නෞකා ගමන් මාර්ගයකයි.

අනෙක් අතුරුදන් ධීවර‍යා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

මේ අතර, කළුතර බේරුවල , මොරගල්ල ප්‍රදේශයේදී ද ධීවර කටයුතු සඳහා මුහුදු ගිය යාත්‍රාවක් පෙරලී අතුරුදන් ධීවරයින් දෙදෙනා තවමත් හමුවී නැහැ.

අතුරුදන්ව ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක්.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ උපදෙස් පරිදි අනතුරු සිදුව ඇති මුහුදු ප්‍රදේශවෙත සෝදිසි මෙහෙයුම් සඳහා වයි -12 ගුවන් යානයක් ද ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ බෙල් – 412 හෙලිකොප්ටර් යානයක් ද යොමුකර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

 

 

Share This