දොළොස් දෙනෙකුට තුවාල සිදු වූ ගුවන් ගමන

දොළොස් දෙනෙකුට තුවාල සිදු වූ ගුවන් ගමන

දෝහා සිට ඩබ්ලින් දක්වා පියාසර කරමින් තිබූ කටාර් එයාර්වේස් ගුවන් යානයක් තුර්කියට ඉහළින් පියාසර කරමින් තිබියදී ඇති වූ කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගුවන් යානය පියාසර කරන අවස්ථාවේ එම ගුවන් අවකාශයේ තිබූ කාලගුණික තත්ත්වය ඊට බලපා ඇති බවයි

ඒ හේතුවෙන් මගීන් හය දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්

කෙසේ වෙතත් බෝයිං බී 787-9 ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බස්වා තිබෙනවා.

එමෙන්ම තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි පැවසෙන්නේ

Share This