ධනංජයගෙන් අදත් ශතකයක් – කමිඳුත් දෙවන ශතකය වාර්තා කරයි

ධනංජයගෙන් අදත් ශතකයක් – කමිඳුත් දෙවන ශතකය වාර්තා කරයි

සංචාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී (24) ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා හා ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් විසින් ශතක වාර්තා කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ඔහු මෙම ටෙස්ට් තරගාවලියේ ලබාගත් දෙවැනි ශතකය මෙය වන අතර කමිඳු මෙන්ඩිස් පන්දු 171කදී ඔහුගේ ශතකය වාර්තා කළා.

මෙම තරගයේදීන ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා විසින්ද ශතකයක් වාර්තා කළ අතර, කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා විසින් පළමු ඉනිමේ මෙන්ම දෙවෙනි ඉනිමේද ශතකයන් රැස් කරලීමත් විශේෂත්වයක්.

කමිඳු මෙන්ඩිස්ගේ දෙවැනි ටෙස්ට් ශතකය මෙය වන අතර, මෙය ධනංජය ද සිල්වාගේ 12වැනි ටෙස්ට් ශතකයයි.

දෙවෙනි ඉනිමට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 09ක් දැවී ලකුණු 366ක් රැස් කරගෙන සිටිනවා.

Share This