ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස්

ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ඕස්ට්‍රේලියා අධිකරණය තීන්දු කර තිබෙනවා.

පසුගිය 21 වනදා නඩු විභාගය සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ දී අවසන් වූ අතර, එහි තීන්දුව අද (28) ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළා.

විනිසුරු සාරා හගෙට් විසින් සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බවට තීන්දුව ලබා දී තිබෙනවා.

සමාජ මාධ්‍ය යෙදවුමක් වන Tinder යෙදවුම ඔස්සේ හමු වූ කාන්තාවක් ලිංගිකව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලකට චෝදනා එල්ල වී තිබුණා.

Share This