
ධාවනයට නුසුදුසු ලංගම බස්රථ 13ක් ඉවතට
ලංගම බස්රථ 13කට හා පෞද්ගලික බස්රථයකට ධාවන තහනම් නියෝග නිකුත් කිරිමට කෑගල්ල මෝටර් රථ ප්‍රධාන පරික්ෂක ඉන්දික ප්‍රේමලාල් මහතා ක්‍රියාකර තිබෙනවා.
රඹුක්කන ප්‍රධාන බස් නැවතුම හා ඒ අවට මාර්ගවල මගී ප්‍රවාහන බස්රථ පරික්ෂා කිරිම සදහා රථ වාහන පොලිස් නිලධාරින් හා එක්ව සිදු කළ පරික්ෂාවේ දී බස්රථ 32ක් පරික්ෂා කර ඇති අතර එයින් සුළු අඩුපාඩු තිබු බස්රථ වලට එවා යථාවත් කර මෝටර් රථ පරික්ෂණ නිලධාරින්ට ඉදිරිපත් කරන ලෙස මොටර් රථ පරික්ෂකවරයා දන්වා තිබෙනවා.
මගී ප්‍රවාහනය සදහා නොසුදුසු යාන්ත්‍රික හා කාර්මීක දෝෂ සහිත ලංගම බස්රථ 13කට හා පෞද්ගලික එක් බස්රථයකට මෙලෙස ධාවන තහනම් නියෝග නිකුත් කළ ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ඉන්දික ප්‍රේමලාල් මහතා එම ස්ථානයට පැමිණි රඹුකක්න ඩිපොවේ ඉංජිනෙරු මහතා හට බස්රථවල ඇති යාන්ත්‍රික දෝෂ පිළිබදව දැනුවත් කර බස්රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරිමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.