නයිජර් හි බලයෙන් නෙරපා හැරි ජනපතිගෙන් එක්සත් ජනපදයට ඉල්ලීමක්

නයිජර් හි බලයෙන් නෙරපා හැරි ජනපතිගෙන් එක්සත් ජනපදයට ඉල්ලීමක්

නයිජර් හි බලයෙන් නෙරපා හරින ලද ජනාධිපති මොහොමඩ් බාසූම් පසුගිය සතියේ සිදුවූ කුමන්ත්‍රණයෙන් පසු යළිත් රජය ප්‍රතිෂ්ඨාපනය කිරීමට උදව් කරන ලෙස එක්සත් ජනපදයෙන් සහ සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අදහස් දක්වමින් ජනාධිපති මොහොමඩ් බාසූම් කියා ඇත්තේ ඔහු ප්‍රාණ ඇපකරුවෙකු ලෙස මෙය ඉල්ලා සිටින බවයි

ජනාධිපති මොහොමඩ් බාසූම් බලයෙන් පහකිරීමෙන් පසු එරට විරෝධතාවන් රැසක් හටගෙන තිබෙනවා.

 

Share This