නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන වෘත්තීය සමිතිවලින් අදහස් ලබාගත් අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන වෘත්තීය සමිතිවලින් අදහස් ලබාගත් අගමැතිනිය

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු වෘත්තීන් නියෝජනය කරන වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේදී යි.

අධ්‍යාපන පරිපාලන, විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ සහ ගුරු සේවය යන සියලු ක්ෂේත්‍ර නියෝජන කරන වෘත්තිය සමිති නියෝජිතයින් මේ සඳහා සහභාගී වී තිබෙනවා.

ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්න්ධයෙන් පැමිණ සිටින වෘත්තීය සමිති නියෝජිතයන්ට සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව මෙහිදී හිමිවූ අතර ඉදිරිපත් වූ කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යවරියගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුවූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

Share This