නව ජනතා පෙරමුණ කිරි හට්ටි අරන් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ බැලීමට එයි

නව ජනතා පෙරමුණ කිරි හට්ටි අරන් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ බැලීමට එයි

නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක මහරගම නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් අද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මුණ ගැසීමට කිරි හට්ටියක් ද රැගෙන වෙළෙද අමාත්‍යාංශය වෙත ගියා.

අමාත්‍යවරයා එහි නොසිටීම හේතුවෙන් ඔවුන්ට ආපසු හැරී ඒමට සිදුවුණා.

පසුව දිනේෂ් අබේකෝන් මාධ්‍ය වෙත පළ කළේ මෙවන් අදහසක්.

” අපි ආවේ මේ ධනවත් සත්ගුණවත් වසන්ත සමරසිංහ මැතිතුමා හමුවෙන්න පුළුවන්ද කියලා බලන්න. මෙතුමාට කෝටි 28 ධනස්කන්ධයක් තියෙනවා අපරාදෙ අර ජයසාන්ත අයියා දුන්න කෙසෙල් කැන, කිරි හට්ටි ටික, නැවතිලා තියෙනවා. මේක නවතින්න හේතුව තමයි,මෙන්න මේ ධනස්කන්ධය තියෙනවා කියලා හෙළි වුණාට පස්සේ ගමේ ජනතාවට පාරෙ බැහැලා යන්න බැරිවුණා. ජයශාන්ත අයියට පාරට බහින්න බැරි තත්ත්වයක් වෙලාතියෙන්නේ. කැට හොල්ලලා සීය සීය එකතු කරපු අයට දැන් ඇත්තටම ලැජ්ජ හිතිලා අපි නඩත්තු කරේ මේ කෝටිපතියොද කියලා. නව ජනතා පෙරමුණේ අපි ඉදිරියට කිරි හට්ටි අරන් මේ වසන්ත සමරසිංහ බලන්න එනව ඔහුව නඩත්තු කරනවා.”

Share This