නව මායිම් තාප්පය නිසා ජනපති Bidenට විවේචන

නව මායිම් තාප්පය නිසා ජනපති Bidenට විවේචන

අමෙරිකාවේ ටෙක්සාස් හි නව දේශසීමා තාප්ප ඉදිකිරීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපති Joe Bidenට විවේචන එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ විවේචනවලට පිළිතුරු දෙමින් Biden සඳහන් කරන්නේ 2019 දී ඒ සඳහා අරමුදල් ලබාගත් බැවින් තමාට ඉදිකිරීම් නැවැත්විය නොහැකි බවයි

කෙසේ වෙතත්, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නව මායිම් තාප්පය ඉදිකිරිම අත්‍යවශ්‍ය බව පෙන්වා දී තිබෙනවා.

අමෙරිකාවේ මෙම වර්ෂය තුළ පමණක් මිලියන 2.2කට අධික සංක්‍රමණිකයන් පිරිසක් රඳවාගෙන සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අමෙරිකාවේ New York වැනි නගරවල වර්ධනය වන සංක්‍රමණිකයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින නිසා එය ජනපති Biden ට අභියෝගයක් වී ඇති අතර ඔහු දේශසීමා හැසිරවීම සම්බන්ධයෙන් දැඩි විවේචනවලට මුහුණ දී තිබෙනවා.

Star ප්‍රාන්තයේ විරල ජනාකීර්ණ මායිමක් වන Rio Grande නිම්නයේ ආසන්න වශයෙන් කිලෝ මීටර් 32ක නව මායිම් බාධක ඉදිකිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This