
නවසීලන්තය පැරදු අපේ කාන්තාවන්
සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(12) සමත් වුණා.
කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 140 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 14.3කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදීයි.
