නවසීලන්තයට විශිෂ්ට ජයක්

නවසීලන්තයට විශිෂ්ට ජයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 282ක් රැස් කළා.

අනතුරුව ලකුණු 283ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 02ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

නවසීලන්තවෙනුවෙන් Devon Conway ලකුණු 152ක් සහ Rachin Ravindra ලකුණු 123ක් රැස් කළා.

තරගයේ වීරයාට හිමි සම්මානය Rachin Ravindra හට හිමිවූ අතර ඔහු ලෝක කුසලාන තරගයකදී ශතකයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායමේ ලාබාලතම ක්‍රීඩකයා ද වනවා.

Share This