නවසීලන්තයේ ‘රැකියා හා සංක්‍රමණ තොරතුරු ඇතුළත් සම්පත් මධ්‍යස්ථානයක්’ ශ්‍රී ලංකාවට

නවසීලන්තයේ ‘රැකියා හා සංක්‍රමණ තොරතුරු ඇතුළත් සම්පත් මධ්‍යස්ථානයක්’ ශ්‍රී ලංකාවට

නවසීලන්තයේ දැනට පවතින රැකියා අවස්ථා, සුදුසුකම්, අයදුම් කළ යුතු ආකාරය සහ අනෙකුත් සියලු ම සංක්‍රමණික තොරතුරු ලබා ගත හැකි සම්පත් මධ්‍යස්ථානයක් (Resource Centre) මෙරට ස්ථාපිත කරන බවට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් Michael Edward Appleton අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වෙත සහතික වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කරනවා,

නවසීලන්තයට සංක්‍රමණය වීමට බොහෝ ශ්‍රී ලාංකිකයන් උත්සාහ කරන අතර ශිෂ්‍ය සහ සංචාරක වීසා සඳහා ද සැලකිය යුතු අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත් වන බවත් මෙහිදී ශ්‍රමිකයින්ට සහ සංක්‍රමනයවීමට අපේක්ෂා කරන පිරිස් සඳහා අවශ්‍ය තොරතුරු මෙම සම්පත් මධ්‍යස්ථානය හරහා ලබාගැනීමට හැකි බවත් අමාත්‍යංශය සඳහන් කළා.

මෙහිදී , අතිවිශාල මුදලක් අයකරමින් නවසීලන්තයට වීසා දෙන බව පවසා ජාවාරම්කරුවන් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය භාවිත කරමින් සිදුකරන බරපතල වංචා සම්බන්ධයෙන් ද දෙපාර්ශවයේ ම අවධානයට ලක් කර තිබෙනවා.

Share This