නාන්න මා ඔයට ආ අලි නිවුන්නු (වීඩියෝ)
පින්නවල අලි සංරකෂණාගාරයේ ප්‍රථමවරට උපත ලද නිවුන් අලි පැටවුන් දෙදෙනා මුල්වරට ඊයේ (06) මා ඔයේ දිය නෑමට ගියා.
එහි දී සත්වෝද්‍යාන අධ්‍යකෂ ජෙනරාල් ශර්මිලා රාජපකෂ මහත්මිය සඳහන් කළේ පසුගිය මාසය තුළ පින්නවල අලි සංරකෂණාගාරය රුපියල් මිලියන 13ක ආදායමක් ලැබූ බවයි.
පින්නවල අලි සංරකෂණාගාරයේ ප්‍රථම වතාවට උපත ලද නිවුන් අලි පැටවුන් දෙදෙනා ඊයේ කුළුදුලේ මා ඔයේ දිය නෑමට ගියේ
මව වන සුරංගි සහ ඇගේ යෙහෙළිය කුමාරි ඇතුළු අනෙකුත් අලි ඇතුන් සමගින්.
සුරංගි නම් වූ කෙනරට පණ්ඩුල නම් වූ අලියාට දාව මෙම නිවුන් අලි පැටවුන් උපත ලැබුනේ පසුගිය අගෝස්තු 31 වැනිදායි.
කුළුඳුලේ මා ඔයට ආ අලි පැටවුන් දෙදෙනාගේ සුරතලය දෙස් විදෙස් සංචාරකයින් දැක බලා ගත්තේ මහත් උනන්දුවෙන්.
උපතේදී එක් පැටියෙකු තරමක අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූවත් මේ වන විට එම අලි පැටවාද නිරෝගී සුවයෙන් පසු වන්නේ පින්නවල කාර්ය මණ්ඩලයේ සහ පශු වෛද්‍යවරුන්ගේ කැපවීම නිසායි.