
නායයාමේ අවදානම් තවදුරටත්
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්රික්ක තුනකට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ පස්සර ප්රාදේශිය ලේකම් කොට්ඨාසයට සහ ගාල්ල දිස්ත්රික්කයේ නෙළුව, නාගොඩ හා ඇල්පිටිය යන ප්රාදේශිය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්රකාශ කළේ.
මීට අමතරව කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට, අගලවත්ත, බුලත්සිංහල සහ පාලින්දනුවර ප්රාදේශිය ලේකම් කොට්ඨාසවලට ද නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.