නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට මි.මී. 150 ට වැඩි තද වැසි

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට මි.මී. 150 ට වැඩි තද වැසි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය හෙට (25) දිනය වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා

ඒ අනුව එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇති බව බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි වනවා

Share This