නැමීබියාවෙන් ඉවත් කළ තහනම

නැමීබියාවෙන් ඉවත් කළ තහනම

නැමීබියාව අයර්ලන්තයෙන් කුකුළන් සහ කුකුළු නිෂ්පාදන ආනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා

ඒ අයර්ලන්තයෙ පැතිර තිබූ කුරුළු උණ වෛරසයෙන් (HPAI) නිදහස් වූ පසුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

කුරුළු උණ පැතිරීමත් සමග දකුණු අප්‍රිකාවද පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී යුරෝපීය රටවල් කිහිපයකට ආනයන තහනම පැනවූවා.

තහනම ඉවත් කිරීම මගින් අයර්ලන්තයෙන් කුකුළු මස්, කුකුළන්, කුකුළු නිෂ්පාදන, පැස්බරා සහ පැස්බරා නිෂ්පාදන ආනයනය කිරීමට ඉඩ සැලසෙන බව නැමීබියා හි ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරි ආචාර්ය ඇල්බර්ටිනා ෂිලොංගෝ පවසා තිබෙනවා.

නැමීබියාව පසුගිය මාසයේ පෙබරවාරි 24 වන දින රට තුළ කුරුළු උණ පැතිරීමත් සමග ආර්ජන්ටිනාවෙන් කුකුළු මස් ආනයනය වහාම තහනම් කරන බව නිවේදනය කරනු ලැබුවා

Share This