
නිපොන් පදනමේ සභාපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
නිපොන් පදනමේ සභාපති වන යොහෙයි සසකාවා මහතා ඊයේ(06) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මුණ ගැසුණා.
එහිදී යොහෙයි සසකාවා මහතා උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍යවරිය ඔහුගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සිය කෘතඥතාව පළ කළා.
එදින උදෑසන පැවති ලාදුරු රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ සමුළුවට සහභාගී වූ සසකාවා මහතා ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.
ආබාධ සහිත පුද්ගලයින්ට, විශේෂයෙන් විශේෂ අවශ්‍යතා ඇති සිසුන්ට සහාය දැක්වීම සඳහා නිපොන් පදනම විසින් දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සභාපතිවරයා – අග්‍රාමාත්‍යවරියට පැහැදිලි කර තිබෙනවා.
ශ්‍රී ලංකා අංගාදේශක හා ඍජුකරණ වෛද්‍ය විද්‍යාලයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කළ සසකාවා මහතා රජයේ සහාය ඇතිව එම ආයතනය විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට යෝජනා කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ මෙම යෝජනාව පිළිබඳ සලකා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන බවට මෙහිදී අග්‍රාමාත්‍යවරිය එහිදී පොරොන්දු වූ බවයි.
උතුරු පළාතේ නිපොන් පදනම විසින් ගෙන යනු ලබන “පාසල් 100 ව්‍යාපෘතිය” මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැසසුමට ලක් කර තිබෙනවා.
ඇතැම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දීමට සිදුවන සම්පත් සීමාවීම් පිළිබඳව කරුණු දැක් වූ අග්‍රාමාත්‍යවරිය මෙම අභියෝගවලට මුහුණදීම සඳහා ජපානය ලබා දෙන අඛණ්ඩ සහයෝගය අගය කළා.

