නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදීම අදින් අවසන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදීම අදින් අවසන්

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අදින් (14) අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දිනයේදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Share This