නිවසේ මුරකරු ඝාතනය කර වෑන් රථය කොල්ලකයි

නිවසේ මුරකරු ඝාතනය කර වෑන් රථය කොල්ලකයි

පුද්ගලයෙකුගේ දෑත් දෙපා ගැට ගසා ඝාතනය කර නිවසේ තිබූ වෑන් රථයක් කොල්ලකෑමේ මේ සිද්ධිය වාර්තා වෙන්නෙ වෙන්නප්පුවෙන්.

වෙන්නප්පුව පොලිස් වසමේ දකුණු උල්හිටියාව ප්‍රදේශයේදී මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 64ක් වූ මූදූකටුව, මාරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මෙම නිවසේ නිවැසියන් ඉතාලියේ පදිංචිව සිටින අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා නිවසේ මුරකරුයි.

විදේශගතව සිටින නිවැසියන්ගේ ඥාතියෙකු එම නිවසට පැමිණි අවස්ථාවේ මුරකරු දෑත් දෙපා ගැට ගසා නිවසේ කාමරයක මියගොස් සිටින බව දැක ඇති අතර නිවසේ ගාරාජයේ නවතා තිබූ වෑන් රථයද නොමැති බවට පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුණි.

වෙන්නප්පුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This