නිවෙසේ දොස් ඉවත් කරන්නට ගෙන්වූ යකැදුරු කතුන් දෙදෙනෙක්ට අතවර කරලා
හාලිඇළ ප්‍රදේශයේ නිවසක දෝෂ ඉවත් කිරීම සඳහා ශාන්තිකර්මයක් සිදු කිරීමට පැමිණි යකැදුරෙකු එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකාර යකැදුරු 41 හැවිරිදි මැදිරිගිරිය, අඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
හාලිඇළ, බෝගොඩ ලන්දෙවෙළ ප්‍රදේශයේ නිවසක දෝෂ ඉවත් කිරීම සඳහා ශාන්තිකර්මයක් පැවැත්වීමට අදාළ යකැදුරා පැමිණ ඇති අතර එය සිදු කරන අවස්ථාවේ සැකකාර යකැදුරා එම නිවසේ සිටින පිරිමි පුද්ගලයින්ට නිවසෙන් ඉවත් වී එය ආසන්නයේ ඇති මංසන්ධිවලට ගොස් රැඳී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.
පසුව ශාන්තිකර්මය සිදු කරන මුවාවෙන් එම යකැදුරා විසින් නිවසේ සිටි 45 හැවිරිදි කාන්තාවක දූෂණය කර ඇති අතර එහි සිටි 19 හැවිරිදි තරුණියකට ලිංගික අතරවර කළ බවට ද අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇළ පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව යකැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සැකකරු අද (අගෝස්තු 1) දින බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.