නීති පසෙක දමයි – මංගල උත්සවයක් ජයටම

නීති පසෙක දමයි – මංගල උත්සවයක් ජයටම

යාපනයේ වඩමාරච්චි ප‍්‍රදේශයේ උත්සව ශාලාවක අනවසරයෙන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 13 දා පවත්වන ලද විවාහ මංගල උත්සවයක් පවත්වා තිබෙනවා

මෙම උත්සවය වැටලූ යාපනයේ නෙල්ලිඅඩි පොලිසිය පූජකවරු දෙදෙනෙකු මනාල යුවළ හා ඡායාරූප ශිල්පීන් ඇතුලූ 53 දෙනෙකු නිරෝධායනයට ලක් කොට තිබෙන බවයි වාර්තා වන්නේ

නෙල්ලිඅඩි පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සෞඛ්‍ය නිලධාරීන් පිරිසක්ද සමග ගොස් පොලිසිය මෙම වැටලීම සිදුකළ අවස්ථාවේදී විවාහ උත්සව ශාලාවේ සිටි පිරිසෙන් බොහෝ දෙනෙකු දිවගොස් තිබෙනවා

පොලිසිය මෙම උත්සවය වීඩියෝ කරමින් සිටි ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ කැමරා පොලිසිය බාරයට ගෙන ඇත්තේ මෙම උත්සවයට සහභාගී වූ සෙසු පිරිස සොයා ගැනීම පිණිසයි .

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 53 දෙනා වහාම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇති අතර නිරෝධායන කටයුතුවලින් පසුව විවාහ මංගල උත්සවය සංවිධානය කළ පිරිසට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා .

පසුගිය සතියේද යාපනයේ නීති විරෝධී ලෙස පවත්වන ලද විවාහ මංගල උත්සවයක් පොලිසිය විසින් වටලා නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් 47 කට එරෙහිව නීති මගින් කටයුතු කොට තිබුණා

Share This