
නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා වැරදි පාරෙන් ගිහින් මාට්ටු
ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා අල්ලස් කොමිසම විසින් අද (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් කෝටි 10කට ආසන්න පාඩුවක් රජයට සිදුකිරීම මෙන්ම මෙමඟින් බාහිර පාර්ශ්වයක් වෙත අයතා වාසි සැලසෙනසේ එම කටයුතු සිදුකිරීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි.
එහි සැබෑ වටිනාකම නවකෝටි අනූ හය ලක්ෂ හැත්තෑනව දහස් හත්සිය අනූනවයක් (රැ. 99,679,799.70) බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.
භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේදී අනුගමනය කළ යුතු නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේදී මෙම වරද සිදුකර ඇතැයි අනාවරණය වී ඇති බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

