නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි

නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ඩුබායි හි සිට පැමිණ ඇති අතර ඔහු සතුව තිබී දුම්වැටි 6200ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.

සැකකරු 29 හැවිරිදි වියේ පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ගුවන් තොටුපල ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Share This