නෙදර්ලන්තය පරදා නවසීලන්ත කණ්ඩායමට ජය

නෙදර්ලන්තය පරදා නවසීලන්ත කණ්ඩායමට ජය

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (09) පැවති තරගයෙන් ලකුණු 99ක ජයක් හිමිකරගැනීමට නවසීලන්තය සමත් වුණා.

හයිද්‍රාබාද් හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළා

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 323ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 223ක් පමණයි

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This