පතල්කරුවන්ට හදිසි අනතුරු රක්ෂණ ක්‍රමවේදයක්

පතල්කරුවන්ට හදිසි අනතුරු රක්ෂණ ක්‍රමවේදයක්

පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයන් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කරනවා.

වෙනත් රක්ෂණ සමාගම්වල ඒ වෙනුවෙන් අයකරනු ලබන වාරික මුදලට වඩා සහනදායී රක්ෂණ වාරික මුදලක් අය කර ගැනීමට තීරණය කරමින් මෙම කර්මාන්තයේ යෙදෙන කාර්මිකයන්ගේ අවදානම් ආවරණය කිරීමට කටයුතු කර තිබේ.

එම රැකියාවේ පවතින අනාරක්ෂිත භාවය නිසාම පතල් රැකියාවේ නිරතවන තරුණ පිරිස් ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවද ගොවිජන ලක්ෂණ මණ්ඩලය කියයි.

Share This