පරාජිත තරග සංඛ්‍යාව අලුත් කරගනිමින් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානයටත් පරාජය වෙයි

පරාජිත තරග සංඛ්‍යාව අලුත් කරගනිමින් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානයටත් පරාජය වෙයි

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 30වන තරගය වූ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ක්‍රීඩා කළ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූයේ පරාජිත තරග සංඛ්‍යාව 04ක් දක්වා ඉහළ නංවා ගනිමින්.

තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් පළමුව පන්දු රැකීම තෝරාගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 241ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 2ක් අවසානයේ කඩුලු 07ක් අතැතිව ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට අර්ධ ශතකයක් හෝ වාර්තා කිරීමට නොහැකි වූ අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙක්ම අර්ධ ශතක වාර්තා කිරීම ද විශේෂත්වයක්.

තරගයේ ලකුණු සටහන පහතින්.

Share This