පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වර්ජනය ගැන හෙට ගන්න තීරණය අද රෑට

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වර්ජනය ගැන හෙට ගන්න තීරණය අද රෑට

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරීන් හදිසියේම අද උදෑසන 8 ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලු රාජකාරී වලින් ඉවත්වීම අඛණ්ඩව ක්‍රියාත්මක වන බව එම සංගමය පවසනවා.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පවසන්නේ මෙම වර්ජන ක්‍රියාමාර්ගය හදිසියේ ආරම්භ කිරීමට සිදුවූයේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා අද උදෑසන රාජකාරියට පැමිණි ස්ථාන මාරු නියෝග නිකුත් කළ නිලධාරීන් සියලු දෙනාට පැමිණීමේ අත්සන් ලේඛනයේ අත්සන් නොකරන ලෙසට ලබා දී තිබූ ලිඛිත නියෝගය නිසා බවයි.

බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක ඊයේ දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබූණත් ඊයේ දිනය තුළ කිසිදු රෝහලක ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කරන ලෙස බලහත්කාරී ක්‍රියාවක් සිදු නොකිරීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ නොකළ බව ඒ මහතා සදහන් කළා.

පූර්ව ප්‍රකාශයේ සිදු කළ පරිදිම ස්ථාන මාරු නියෝග බලහත්කාරී ලෙස සිදුකිරීමට උත්සාහ කරන ඕනෑම අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ප්‍රකාශයට පත් කර තිබූ බව ද ධර්මවික්‍රම මහතා පැවසුවා.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පෙන්වා දෙන්නේ මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වන ලෙස සෞඛ්‍ය ඇමතිවරයාට සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ඉල්ලීම් කළ අතර බස්හිර පළාත් සෞඛ්‍ය සේවා ආධ්‍යක්‍ෂවරියගේ ක්‍රියා කලාපය හේතුවෙන් පලාත තුල රෝහල් සේවා කටයුතු මේ ආකාරයෙන් බිඳ වැටීමට නියමිත බව අදාළ සියලු පාර්ශ්වයන් මේ වන විටත් දැනුවත් කර ඇති බවයි.

අද රාත්‍රියේ රැස්වීමට නියමිත සියලු වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් හෙට දිනයේ සිට ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කරන බව ද එම සංගමය පවසනවා.

Share This