පරීක්ෂණ ගුවන් ගමනකදී රුසියාවේ මගී ජෙට් යානයක් කඩා වැටේ

පරීක්ෂණ ගුවන් ගමනකදී රුසියාවේ මගී ජෙට් යානයක් කඩා වැටේ

කාර්ය මණ්ඩලය පමණක් සිටි රුසියානු මගී ගුවන් යානයක් මොස්කව් අසලදී කඩා වැටී ඇති බව එරට හදිසි අවස්ථා අමාත්‍යාංශය පවසනවා.

Sukhoi Superjet 100 වර්ගයේ යානය වනාන්තරයකට කඩා වැටී වැටී ඇති අතර එහි කාර්ය මණ්ඩලයේ තිදෙනාම මිය යන්නට ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

අළුත්වැඩියා කටයුතුවලින් අනතුරුව සිදුකෙරෙන පරීක්ෂණ ගුවන් ගමනකදී යානය කඩා වැටී ඇති බව රුසියානු රජයේ මාධ්‍ය වාර්තා කරනවා.

Share This