පලස්තීන ධජය රැගෙන බිග් බෙන් කුළුණට නැග්ග මිනිසා

පලස්තීන ධජය රැගෙන බිග් බෙන් කුළුණට නැග්ග මිනිසා

පලස්තීන ධජයක් අතැතිව බිග් බෙන් කුළුණට නැඟුණු පුද්ගලයෙකු ඉන් ඉවත් කිරීම සඳහා සිදුකළ මෙහෙයුමක් හේතුවෙන් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මාලිගය අවට ගමනාගමනය ඇණහිට තිබෙනවා.

එරට ගිනි නිවන හමුදාව විසින් ඉනිමඟක් ආධාරයෙන් ඔහු මුදා ගැනීමට පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම මෙහෙයුම හේතුවෙන් පැය කිහිපයකට වෙස්ට්මිනිස්ටර් මාලිගය අවට මාර්ගය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ඔහු ආරක්ෂිතව ආරක්ෂක අංශ භාරයට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

“පලස්තීනය නිදහස් කරන්න” යැයි ඉල්ලමින් එම පුග්ද්ලයා මෙලෙස බිග් බෙන් කුළුණට නැග ඇති බවයි වාර්තා වන්නේ.

Share This