පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 500කට වැඩි පිරිසකට කොවිඩ්
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 500ත් 600ත් අතර සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වී තිබෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසනවා
දිනපතා පළවන පුවත්පතක පළ කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද අවධානය යොමු කෙරුණා
දෛනිකව පවුල් සෞඛ්‍ය සේවිකාවන් 12-15ත් අතර සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වන බවද දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කරනවා
ඊයේ (08) මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ හෙට අනිද්දා වන වීට තත්ත්වය තවත් උග්‍ර වුවහොත් සෞඛ්‍ය ආයතන පවත්වාගෙන යෑම පවා ගැටලුවක් විය හැකි බවයි .
එමෙන්ම සෞඛ්‍ය සේවකයන්ට ප්‍රතිකාර ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් තාමත් ක්‍රියාත්මක නැති බවත් මීගමුව රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සිව් දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බවත් කියා සිටියා
එමෙන්ම එක් අයෙක් ප්‍රතිකාර ලබන්නේ රෝහල් වාට්ටුවේ බිම මෙට්ටයක් දාගෙන බවත් සෞඛ්‍ය සේවයේ නිරත පවුල්වල අයට එන්තකරණය කිරීමට නිසි වැඩපිළිවෙළක් නැති බවත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියා
වැඩිදුරටත් අදහස් දක්වමින් දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසන්නේ “පහසුකම් නොමැති නිසා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ ළඟම ඥාතීන් පවා වෛරසය ආසාදනය වී මරණයට පත්වෙනවා. ඒ මානසික පීඩනයත් දරාගෙන තමයි සෞඛ්‍ය සේවකයන්ට වැඩකරන්න සිදුවෙලා තියෙන්නේ.
අද වනවිට කොරෝනා රෝගය ඉතාමත් දරුණු ආකාරයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා.
මේ තත්ත්වය හේතුවෙන් දෛනිකව සෞඛ්‍ය අංශයේ විශාල පිරිසක් වෛරසයට ගොදුරු වෙනවා.
සෞඛ්‍ය අංශයේ කාර්ය මණ්ඩල මෙම රෝගය මර්දනය කිරීමට මෙන්ම ප්‍රතිකාර කිරීමට මූලිකව කටයුතු කරන බැවින් ඔවුන් රෝගයට ගොදුරු වීමේ වැඩි අවධානමක් තිබෙනවා.
පවුල් සෞඛ්‍ය සේවිකාවන් කිසිදු හෝ පහසුකමක් නොමැතිවයි තමන්ගේ රාජකාරිය කරන්නේ.
මේ අයට නිසි පරිදි මුව ආවරණ,විෂබීජ හරණ දියර, අත් වැසුම් හෝ ආරක්ෂිත ඇඳුම්, ප්‍රවාහන පහසුකම් ලැබෙන්නේ නැහැ.
ජනාධිපතිතුමාට,අගමැතිතුමාට හා සෞඛ්‍ය බලධාරීන්ට අපි කියන්නේ මේ වෙලාවේ දේශපාලන බේදයෙන් තොරව රටට වැඩක් ගන්න පුළුවන් අය ගෙන්වාගෙන මේ ගැටලුවෙන් රට ගොඩගත හැකි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලයි. එසේ නොමැති වුවහොත් සෞඛ්‍ය සේවය ද අඩාල වී රට විශාල විනාශයකට පත්වේවි යනුවෙන් පවසා තිබෙනවා