පසුගිය වසරේ දී ලොව පුරා මිලියන 71කට වැඩි පිරිසක් අභ්‍යන්තරව අවතැන්

පසුගිය වසරේ දී ලොව පුරා මිලියන 71කට වැඩි පිරිසක් අභ්‍යන්තරව අවතැන්

2022 වසරේ දී පුද්ගලයින් මිලියන 71.1ක් අභ්‍යන්තරව අවතැන් වූවන් ලෙස ලියාපදිංචි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එය පෙර වසරට වඩා සියයට 20 කින් වැඩි විමක් බව සඳහන්.

යුක්‍රේන – රුසියා යුද්ධය සඳහා මෙන්ම පකිස්ථානයේ පසුගිය වසරේ පැවති මෝසම් ගංවතුර හේතුවෙන් විශාල වශයෙන් අවතැන් වීම් සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එමෙන්ම අභ්‍යන්තර විස්ථාපන නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ නෝර්වීජියානු සරණාගත කවුන්සිලයේ ඒකාබද්ධ වාර්තාවකට අනුව 2022 දී නව අභ්‍යන්තර අවතැන්වීම් මිලියන 60.9 ක් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව සුඩානයේ පසුගිය අප්‍රේල් 15දා සිදු වූ සටන්වලින් 700,000කට වැඩි පිරිසක් දැනටමත් අභ්‍යන්තරව අවතැන් වී ඇති අතර තවත් 150,000ක් රට හැර ගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ

ලෝකයේ අවතැන් වූවන්ගෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන රටවල් 10 අතරට සිරියාව, ඇෆ්ගනිස්ථානය, කොංගෝ රාජ්‍ය, යුක්‍රේනය, කොලොම්බියාව, ඉතියෝපියාව, යේමනය, නයිජීරියාව, සෝමාලියාව සහ සුඩානය ඇතුළත් වනවා.

Share This