පළමු එක්දින තරගය වැස්ස නිසා අතහැර දමයි

පළමු එක්දින තරගය වැස්ස නිසා අතහැර දමයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (06) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා මතුවීම හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 273ක් රැස් කළා

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 04ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 12ක් ලබා සිටියදීයි වර්ෂාවෙන් බාධා මතු වුණේ.

Share This