පන්දුවාර 20 අවසානයේ කණ්ඩායම් දෙකම සම ලකුණු – සුපිරි ඕවරය හමුවේ Galle Titans ජය ගනී

පන්දුවාර 20 අවසානයේ කණ්ඩායම් දෙකම සම ලකුණු – සුපිරි ඕවරය හමුවේ Galle Titans ජය ගනී

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයේ කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීමත් සමග පැවති සුපිරි ඕවරයට අනුව Galle Titans කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළා.

අද (31) තරගවැදුනේ Galle Titans සහ Dabulla Aura කණ්ඩායම් දෙකයි.

Dambulla Aura කණ්ඩායමට අද තරගයේ කාසියේ වාසිය හිමි වූ අතර පළමුව පන්දු රැකීමටයි ඔවුන් තීරණය කළේ.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් Galle Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා.

ඒ අනුව Dambulla Aura කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හිමිවුණා.

පසුව පිටියට පැමිණි Dambulla Aura කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 180 ලබා ගැනීමත් සමග කණ්ඩායම් දෙකම සම ලකුණු වාර්තා කළා.

ඒ අනුව ජයග්‍රහණය ලබා දීම සඳහා සුපිරි පන්දුවාරයක් ලබා දීමටයි විනිසුරුවරුන් තීරණය කළේ.

සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම ලකුණු 09 ක් ලබා ගත්තා.

ඒ කඩුලු 01 දැවි යාමත් සමගයි.

අනතුරුව සුපිරි පන්දුවාරයට මුහුණ දුන් Galle Titans කණ්ඩායම පන්දු 02කදී ලකුණු 11 ක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමිකර ගත්තා

ඒ අනුව සුපිරි පන්දුවාරයට අනුව තරගයේ ජය වාර්තා කිරීමටGalle Titans කණ්ඩායම සමත් වුණා.

මේ අතර පස්වරු 07.30ට අද දිනයේ පැවැත්වෙන දෙවන තරගය, එනම් මෙවර තරගාවලියේ තුන්වන තරගය ආරම්භ වනවා.

ඒ B-LOVE Kandy සහ Colombo Strikers කණ්ඩායම් දෙක අතරයි.

එසේම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

මීට අමතරව සති අන්තයේ තරග සහ සතියේ දිනවල සන්ධ්‍යා කාලයේ පැවැත්වෙන තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.

අද පැවති පළමු තරගයේ ලකුණු සටහන පහතින්.

Update – 2023.07.31 – 04.50pm

දඹුල්ලට 181ක ඉලක්කයක් ගාල්ලෙන්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයේ පළමුව පන්දුවට පහර දුන් Galle Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 180ක් රැස් කළා.

ඒ කඩුලු 05ක් පමණක් දැවී තිබියදීයි.

Dambulla Aura කණ්ඩායමට අද තරගයේ ජය වාර්තා කිරීමට නම් ලකුණු 181ක් ලබා ගත යුතුයි.

කාසියේ වාසිය Dambulla Aura කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් පළමුව පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දු යැවීමේ දී Shahnawaz Dahani කඩුලු 02ක් බිඳ දැමුවා.

Binura Fernando සහ Dhananjaya de Silva එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහර දීමේදී Galle Titans කණ්ඩායමේ Bhanuka Rajapaksa ලකුණු 48ක් රැස් කළා.

ඊට හයේ පහර 02ක් සහ හතරේ පහර 05ක් ඇතුළත්.

නායක දසුන් නොදැවී ලකුණු 42යි.

මේ අතර, පස්වරු 07.30ට අද දිනයේ පැවැත්වෙන දෙවන තරගය, එනම් මෙවර තරගාවලියේ තුන්වන තරගය ආරම්භ වනවා.

ඒ B-LOVE Kandy සහ Colombo Strikers කණ්ඩායම් දෙක අතරයි.

එසේම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

මීට අමතරව සති අන්තයේ තරග සහ සතියේ දිනවල සන්ධ්‍යා කාලයේ පැවැත්වෙන තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.

……………………………………………………………………………………………….

2023.07.31 – 02.54pm

පළමු වාසිය ලැබුණු පසු පිත්ත අතහැරි දඹුල්ල

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගය තවත් සුලු මොහොතින් ආරම්භ වීමට නියමිතයි.

එය පැවැත්වෙන්නේ Galle Titans සහ Dabulla Aura කණ්ඩායම් දෙක අතරයි.

Dambulla Aura කණ්ඩායමට අද තරගයේ කාසියේ වාසිය හිමි වූ අතර පළමුව පන්දු රැකීමටයි ඔවුන් තීරණය කළේ.

එසේම පස්වරු 07.30ට අද දිනයේ පැවැත්වෙන දෙවන තරගය, එනම් මෙවර තරගාවලියේ තුන්වන තරගය ආරම්භ වනවා.

Share This