පළමු විදෙස් සංචාරය අරඹමින් ඉන්දියාවට යන ජනපති අනුර

පළමු විදෙස් සංචාරය අරඹමින් ඉන්දියාවට යන ජනපති අනුර

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව සිදුකරන පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (15) පස්වරුවේ ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සංචාරයේ නිරත වනවා.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා දිල්ලි හි පැවැත්වෙන ව්‍යාපාරික හමුවකට ද එක්වෙනු ඇති.

ඉන්දීය සංචාරයේ නිමාව සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුද්ධගයාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ද මෙම සංචාරය සඳහා එක්වනු ඇති.

Share This